ජනාධිපතිවරණ නාමයෝජනා භාරදීමට පැමිණි බොහෝ ජනාධිපති අපේක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
“ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඡන්ද ලකුණ පුපුරන ගැස් සිලිංන්ඩරය බවට පත්වෙලා තිබෙනවා. එහිදී මැතිවරණ කොමිසන් සභාව නීති විරෝධි කටයුත්තක් සිදුකරලා තිබෙනවා. ගෑස් සිලිංන්ඩරය කියන ලාංඡනය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමකට ලබාදිලා තිබුණා. ඒ ලකුණ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදිලා තිබෙන්නේ. අහෝසි වුණ මැතිවරණයක ලාංඡය මැතිවරණ කොමසාරිස් රනිල් වික්‍රමසිංට ලබාදීලා තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.
තමන්ට සහාය දෙන සියලුම දෙනා දේශපාලනිකය ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක් තමයි අද රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වෙලා සිටින්නේ. ඒ වගේම කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩුවයි කියලා අධිකරණයෙන් දඩුවම් ලබපු හිටපු නගරාධිපතිවරයා රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා සිටිනවා. රට බංකොලොත් කළ පිරිස සමඟ ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ උත්සහ කරනවා නම් ඊට විරුද්ධව රටේ සමස්ත ජනතාව පෙළ ගැසිය යුතුයි.
රනිල් වික්‍රමසිංහට රටක් හදන්න බෑ. හාල් කිලෝ 20 ක් ජනතාවට දුන්න නිසා තමන්ට ඡන්දය දෙන්න කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ජනතාව බලන්නේ හාල් කිලෝ 20 ගැන නෙවෙයි. ජනතාව බලන්නේ දරුවන්ගේ අනාගතය, රටේ පැවැත්ම සහ ආර්ථික දියුණුව ගැනයි. සැප්තැම්බර් 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට උන් හිටි තැනි අමිවි වෙලා යනවා.
ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ ඡන්දපොළ මට්ටමින් ශක්තිය පෙන්වලා සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම දිනන්න පුළුවන් වුණොත් විතරයි.”