නාමල් – ලිමිණි විවාහ වෙයි!

September 12, 2019 at 1:16 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ සමග ලිමිණි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට පිවිසියේය.

නාමල් රාජපක්ෂ විවාහ වන්නේ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහගේ දියණිය සමඟය.

අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතය.

පක්ෂ භේදයකින් තොරව බොහෝ මැති ඇමතිවරුන් නව යුවළට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *