නාමල් මේ රටේ නායකයා වීම නියතයි…! ඒ දිනය විතරයි හරියට ම නොදන්නේ…! – සුසිල්….

June 10, 2021 at 3:59 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ මේ රටේ රාජ්‍ය නායකයා වීමට උවමනා අධ්‍යාපන, දේශපාලන සුදුසුකම් සපුරා ඇති බව රාජ්‍ය ආමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එක ම ප්‍රශ්නය ඔහු නායකත්වයට පත් වන්නේ කෙදින ද යන්න පමණක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මේ රටේ අනපේක්ෂිතව නායකයින් බිහි වීම මෙන් ම අනපේක්ෂිතව දේශපාලනයෙන් බැහැර වීම ද සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

යමෙකු නායකත්වයට පත්වීම ඔහුගේ හෝ ඇයගේ දෛවය අනුව සිදුවන බවත් නාමල් රාජපක්ෂ මේ රටේ නායකයා වීම දෛවය නම් එය කිසිවෙකුට නවතාලිය නොහැකි බවත් සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *