නාමල් දිනවන්න මහින්ද වේදිකාවට…!

September 12, 2024 at 11:19 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ජන රැලිවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත ය.

නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආසන මට්ටමේ ජන හමුවලට අමතරව දිස්ත්‍රික් මට්ටමේ ජනහමු පැවැත්වෙනු ඇත. මහින්ද රාජපක්ෂ සහභාගී වන්නේ එම දිස්ත්‍රික් ජනහමු සඳහාය.

දිස්ත්‍රික්කයකට එක බැගින් ප්‍රධාන ජනහමු පැවැත්වෙන අතර ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රධාන දිස්ත්‍රික් ජනහමු දෙකක් බැගින් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *