අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිපයට ආණ්ඩුවෙන් යන්නැයි නොකියන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ශ්‍රිලනිප හම්බන්තොට සමුළුව අගුණුකොලපැලැස්සේ දී අද (15) අමතමින් හෙතෙම මේ බව පැවසීය.
“මේ ටිකේ දිගටම අහන්නේ ආණ්ඩුවෙන් යනවද කියලා. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ.
මහින්ද රාජපක්ෂ මහත්තයා “අරුණ” පත්තරේ කරපු සම්මුඛ සාකච්ඡාව අරන් බලන්න. එතුමා කියන්නේ මගේ ආණ්ඩු කාලයේ මාත් එක්ක හිටියා සමසමාජේ, කොමියුනිට්ස්. ඒ අයත් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රශ්න ඇතිවුණේ නෑ කියලා එතුමා කියනවා.
හැබැයි අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා…ඊයේ පෙරේදා කියනවා. ශ්‍රීලනිපයට යන්නලු. තැන් තැන්වල අඬන්නේ නැතුව.
ඒගොල්ලන් දැන් එහෙමනම් අපිට කතා කරන්නේ..අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු.“