හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන විදේශගත වූයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
“බැසිල් රාජපක්ෂ මහතාට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුණේ මිට සති කිහිපයකට පෙර. එත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකළා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුණේ.. වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉක්මනින්ම එනවා.”
නාමල් රාජපක්ෂගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද උදැසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍යයයි. නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී වුණා.”
වැඩි දුරටත් අදහස් දක්වමින් සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.