නාඳුනන කුමාර්ලගේ පෙරටුගාමී පක්ෂය එක්ක එකතු වන්න සූදානම්! – අනුර

June 17, 2020 at 7:34 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටනේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමගින් එකට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ජනබලවේගයේ පංගුකරුවන් දීමට කැමැත්තේ නම් ඔවුන්ද ඊට සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවසීය.

අතීතයේ සිදුවූ ඇතැම් දේශපාලන සිදුවීම් අමතක කරමින් ඔවුන් සමඟ එකට කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

සිරස රූපවාහිනි සමඟ අදහස් පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කළේය.

කෙසේ වුවද මෙයට පෙර රූපවාහිනී වැඩදටහනකට එකතු වෙමින් අනුර දිසානායක සඳහන් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් යැයි පුද්ගලයකු තමා නාඳුනන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස