නාකොටි කල්ලිය මත්ද්‍රව්‍ය වැටලීම් ගැන තොරතුරු වෙලේ සුදාට කලින්ම දීලා!

July 9, 2020 at 8:42 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ම දෙනු ලැබූ බව අනාවරණය වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා සිටි කාලය තුළ දී එවැනි සිද්ධියක් පිළිබඳ විමර්ශනය කළ බව මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කොළඹ ස්ථීර ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලිව් සිරකරුවන් අට දෙනෙකු මරා දැමූ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා හා හිටපු බන්ධනාගාර නිලධාරි ඉන්දික සම්පත් යන විත්තිකරුවන්ට එරෙහිව නිතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (09) කැදවනු ලැබූ අවස්ථාවේදී නාලක සිල්වා මහතා විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස