නව සන්ධානයේ නායකයා මෛත්‍රී, සභාපති මහින්ද, මහ ලේකම්කම සහ මධ්‍යම කාරක සභාවේ බහුතරය පොහොට්ටුවට! සන්ධානය අද හෙටම!

February 2, 2019 at 5:33 am | by admin

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එකතු කර පුළුල් සන්ධානයක් ගොඩනැඟීමේ කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙයි. මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු තවත් පක්ෂ 29කට අධික ප්‍රමාණයක් සූදානමින් සිටී.

එම සන්ධානයේ නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පක්ෂ සභාපති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා ද පක්ෂ මහ ලේකම් ධුරය පොදුජන පෙරමුණට ද ලබා දීමට පසුගිය දා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කළ සාකච්ඡාවක දී යෝජනා විය.

මෛත්‍රීට සහ මහින්දට සම නායකත්වය හිමි වන සන්ධානයේ කාරක සභාවේ බහුතර ආසන පොදුජන පෙරමුණට ද පසුගිය මැතිවරණයේ ඡන්ද පදනම අනුව සෙසු පක්ෂවලට ආසන ලබා දීමට ද යෝජනා වී ඇත.

නව සන්ධානය පිළිබඳ ඉදිරි තීන්දු ගැනීමට මෛත්‍රීපාල සිරිසේනට සහ මහින්ද රාජපක්ෂට පැවරෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *