ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය.
ඒ අනුව නව විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් සම්මත විය.
නව විදුලි පනතට එරෙහිව විපක්ෂය මෙන් ම ලංවිම වෘත්තීය සමිති ද දැඩි විරෝධයක් එල්ල කළේය.