රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල ලබන වසරේ සිට පූර්ණ වෙනසකට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ උපදෙස් දී ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතනය යන රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධාන තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත දේශපාලන හිතවත්කම් මත පත්වීම් සිදු නොකර නිර්මාණශීලී පුද්ගලයින් තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස මෙහි දී ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට ජනවාරි 01 වැනිදා ධුරයේ වැඩ භාරගත් පසු අදාළ වෙනස්කම් සිදු කරන ලෙස ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුමට උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.