ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 30 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.
වෙළෙඳපොළේ අර්තාපල් සහ ලොකු ලූනු මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් නිවේනයක් මගින් මෙම බදු අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම බදු අඩු කිරීම 2022 නව වසරේ එනම් හෙට (1) සිට ක්‍රියාත්මක වේ