නව ත්‍රස්ත පනතට එරෙහිව උතුරේ හර්තාල්..!

April 24, 2023 at 2:20 pm | by emanisa.lk

උතුරු නැගෙනහිර පුරා හෙට (25) පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි.

ඒ සඳහා රජයේ සේවකයන් ද ඊට හවුල් වන බවයි, එම පක්ෂ සඳහන් කළේ.

මේ නිසා එදිනට උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවා කටයුතු ද අඩාල වන බව කී එම පක්ෂ නියෝජිතයෝ මෙම පූර්ණ හර්තාලය දා සියලු ම වෙළෙඳසල් වසා දැමෙන බවත් ගමනාගමන කටයුතු අඩාල වන බවත් සඳහන් කළහ.

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, දෙමළ ජනතා සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂවල නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

ඒ, නව ත්‍රස්ත විරෝධී පනතට උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලයට හින්දු ආගමික ස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගැනීමට හා මෙම පළාත්වල සිංහල කොලනි පිහිටුවීමට විරෝධය පළ කිරීම පිණිස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස