නවසීලන්තයේ දී වෙඩි කෑ ISIS අන්තවාදියා ලංකාවේ ප්‍රහාරයක් සැලසුම් කරලා…! – නවසීලන්ත බුද්ධි අංශ හෙළි කරයි…

September 8, 2021 at 10:19 am | by emanisa.lk

නවසීලන්තයේ දී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ මොහොමඩ් අදීල් සම්සුදීන් නැමැති පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියෙකු බවත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බවත් නවසීලන්ත බුද්ධි අංශ සොයා ගෙන ඇති බව එරට මාධ්‍යය වාර්තා කරයි.

මොහුගේ ෆේස්බුක් පිටුව විශ්ලේෂණය කිරීමෙන් මේ බව සොයාගෙන ඇති බව ද එම වාර්තා වැඩි දුරටත් එම වාර්තා හෙළි කරයි.

එම පුවත් පත් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක් ඉගැන්වීමට එවැන්නක් කළ යුතු බවට වූ අන්තවාදී මානසිකත්වයකින් ඔහු සිටි බව සම්සුදීන්ගේ අදහස් පළ කිරීම්වලින් තහවුරු වන බව පැවසේ.

කෙසේ වුවද මොහුට හිතවත් තවත් පිරිස් කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ සිටිය හැකි බවට ද එම වාර්තා මගින් අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *