නදීමාල් රෙස්පෙක්ට් නොකළැයි උදුල්ට යකා නගී! ඌ නළුවෙක් ද ඌ මොකෙක්ද අසමින් පස් පඩංගුවේ බැණ වදී!(video)

March 28, 2019 at 9:33 am | by admin

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් නිදහස් වූ නදීමාල් පෙරේරා ගුවන්තොටුපළෙන් පිටව යන අවස්ථාවේ නීතිඥ උදුල් ප්‍රේමරත්න පැමිණ සිටිය ද ඔහු සමග වචනයක් පවා කතා නොකර නදීමාල් වාහනයක නැඟී පිටව ගියේය. මේ අවස්ථාවේ උදුල් නදීමාල්ට මොහොතකට නතර වන ලෙස ඉල්ලා සිටිය ද ඒ ඉල්ලීම ඔහු තඹ සතයකට මායිම් නොකර පිටව ගියේය.

මේ නිසා කෝපයට පත් උදුල් “… පොඩි කොල්ලෝ මුන්. සලමන් ඛාන් ද ඌ? පිස්සුද? මොකෙක්ද ඌ? පොඩි එකෙක්. ඌ නළුවෙක්ද? ඌ පොරක්ද? සලමාන් ඛාන් කුඩු ගහලා අහුවුණාද? තප්පරයක් ඉන්න මට ඌට කතා කරන්න ඕන..” යැයි කෝපයෙන් බැණ වැදුණේය.

කෙසේ වුවද උදුල්ගේ දුරකතනයට පවා නදීමාල් ප්‍රතිචාර දැක්වූයේ නැත.

අනතුරුව නැවත සන්සුන් වූ නීතිඥ උදුල් කියා සිටියේ නදීමාල් කිසිදු වරදක් නොකළ බවත් අමල් පෙරේරා ද ඉක්මනින් නිදහස් වනු ඇති බවය. අමල් සහ නදීමාල් අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට යැයි පවසා උදුල් ඩුබායි බලා ගියේය.

එහිදී බොහෝ අදහස් උදහස් පළ කර තිබූ අතර වරෙක ඔහු ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණේ අමල්ටත් වඩා මාස තුනක් එකට සිරබත් කෑ මාකඳුරේ මදූෂ් තමා අඳුනන බවය. අමල් පෙරේරා වෙනුවෙන් ශාබ්ධික වෙල්ලප්පුලි පවුලේ නීතිඥයා ලෙස ඩුබායි වෙත යැව්වේ ඉන් පසුය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *