බංග්ලාදේශයේ සිදුවන සිදුවීම් දැක උද්දාමයට පත් වූ අය මෙරට පාර්ලිමේන්තුව ගිනි තබා අධිකරණය අල්ලා ගැනීමට නොහැකි වූ බවත් ඒවා අල්ලා ගත්තේ නම් හරි බවත් බිය නැතිව පවසන්නේ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ජනතාවට අධිකරණ බලය ලබා දෙන මුවාවෙන් රටේ නඩු ඇසීම පක්ෂයක කල්ලියක් අතට පත් කරලීිමට ඉඩ නොදෙන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
මෙය අත්හදා බැලීම් කිරීමට කාලය නොවන බවත් ගෝඨාභය අත්හදා බලා රටට විශාල විනාශයක් වූ බවත් පෙන්වා දුන් පාඨලී චම්පික රණවක, පළපුරුදු අවංක පිරිසක් අතට රටේ බලය ලබා දිය යුතු බව ද අවධාරණය කරයි.
සිය සහාය ලබා දෙන ජනාධිපති අපේක්ෂකයා ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රකාශයට පත්කොට ඔහු 9 වන ජනාධිපතිවරයා බවට පත්කරලීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
පිළියන්දල පැවැති එම පක්ෂ කලාප සමුළුව අමතමින් පාඨලී චම්පික රණවක මේ බව කීය.