කටුනායක ගුවන්තොටුපළින් ඩුබායි බලා යාමට සූදානම්ව සිටිය දී ගුවන් යානයක සිට අත්අඩංගුවට ගත් ධානීෂ් අලී ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ අපරාධකරුවෙකු බව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙයි.
ශිෂ්‍ය වීසා ලබා ඕස්ට්‍රේලියාවට ගිය අලී, එහි දී වීසා කොන්දේසී උල්ලංඝනය කර වසරක් පමණ සැඟව සිට අනතුරුව අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කර තිබේ.
ඔහු අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු වන අතර එරට පර්ත් නුවර රියාස් නැමැති මිතුරකු සමග අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරතව ඇත.
ධානීෂ් අලී ඔහුගේ මිතුරන්ට පවා ණයට මුදල් ගෙන වංචා කරමින් ඉතා ම ප්‍රචණ්ඩකාරී ජීවිතයක් ගත කළ අයකු බව ද එමගින් වැඩි දුරටත් හෙළි කරයි.