ධර්මසිරි බණ්ඩාරනායකට විශ්‍රාම වැටුපක්…!

February 7, 2025 at 1:45 pm | by emanisa.lk

ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක වෙත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් ටවර් හෝල් රඟහල පදනම මගින් මාසිකව විශ්‍රාම දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව 2025 ජනවාරි මාසයට අදාළ විශ්‍රාම දීමනාව ලබාදීම පසුගියදා මහරගම පිහිටි ඒ මහතාගේ නිවසේ දී පසුගිය දා සිදුවිය.

ධර්මසිරි බණ්ඩාරනායක ‘ඒකා අධිපති, මකරාක්ෂයා, යක්ෂාගමනය, ධවල භීෂණ සහ ට්‍රෝජන් කාන්තාවෝ’ ඇතුළු සම්මානිත නිර්මාණ රැසක් නාට්‍ය කේෂ්ත්රයට දායාද කර තිබේ. ඔහු ටවර් හෝල් රඟහල පදනමෙහි භාරකාර මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් දිගු කලක් කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *