ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණට අන්තිම මොහොතේ පොල්ල තැබූ බවපාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
“පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ධම්මික පෙරේරා එනවා කියලා තමයි අපිට ඉස්සරලා කියුවේ. අන්තිමට නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කරලා තියෙනවා. කොහොම වුණත් ධම්මික පෙරේරා පොහොට්ටුවට පොල්ල තිබ්බා කියලා නම් ඉතාමත්ම පැහැදිලියි.
නාමල් රාජපක්ෂට මීට වඩා කල්පනාවෙන් ගමන යන්න තිබුණා. පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරලා මහ මැතිවරණයේදි අගමැති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න තිබුණා පොහොට්ටුවෙන්. ඒවා ඔක්කොම අතහැරලා ඉතාම දුෂ්කර මාර්ගයකට නාමල් රාජපක්ෂ අවතිර්ණය වේලා තියෙනවා. මම ඒ පිළිබඳ ඉතාමත්ම කනගාටු වෙනවා.
නාමල් මහත්තයා කලබල වුණා, හදිස්සි වුණා වැඩියි. බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා. විශේෂයෙන්ම දේශය සහ කාලය ගැන බැලුවා. මේ වේලාවේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ගමනට දේශයත්, කාලයත් දෙකම හොඳ නැහැ.”
අනුරාධපුර,මාතලේ හන්දිය,කුරුන්දන්කුලම ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසිය.