ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධූරයක් ලබා ගැනීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වීමේ අවධානමක් ඇතැයි වාර්තා වෙයි.
කිසියම් පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට නම් ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකයකු හෝ පරාජිත මැතිවරණ අපේක්ෂකයකු වීම අනිවාර්ය බව ඇතැම් නීති විශාරදයෝ පෙන්වා දෙති. කෙසේ වුව ද තවත් පිරිසක් පෙන්වා දෙන්නේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවය.
බැසිල් රාජපක්ෂ අද සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා පත්කිරීමට ද ඔහු පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට ද නියමිතව ඇත.