ධනාත්මක විවේචන ආණ්ඩුවේ පැවැත්මට හොඳයි…! අගරදගුරුතුමා හමුවට යනවා…! – මහින්ද…

June 4, 2021 at 7:49 am | by emanisa.lk

රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා හමු වීමට තමා බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්‍ෂ පවසයි.

දේශපාලනයෙන් තොරව රට ගැන අවංක හැඟීමෙන් යුතුව සිදුකරන විවේචන පිළිබඳව සොයා බැලීමට රජය ක‍්‍රියාකරන බවත් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීම තුළින් ඒවා නිවැරදි කර ගැනීමට හැකි බවත් අගමැතිවරයා සඳහන් කරයි.

මහා සංඝරත්නය ඇතුළු සියලු ම ආගමික නායකයන් රට ගැන හැඟීමකින් යුතු ව සිදුකරන අනුශාසනාවලින් බැහැර වීමට රජය කිසි විටෙකත් කටයුතු නොකරන බව ද අගමැති මහින්ද රාජපක්‍ෂ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *