ධනපති සමාගම් ලාභයෙන් කොටසක් ජනතාවට දෙන්න ඕන! ජනාධිපතිවරණ කටේ ජනපති සරදියෙල්ට අඳියි!

March 23, 2019 at 4:29 pm | by admin

ලංකාවේ මිලියන 20ක පමණ ජනතාවගේ ආර්ථිකය පාලනය කරන්නේ මහා ධනපති සමාගම් 20කින් පමණ බවත් ඔවුන් උපයන මහා ධනයෙන් කොටසක් යළි ජනතාව වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මෙය තමන්ගේ පෞද්ගලික අදහස බවත් රාජ්‍ය ප්‍රතිපත්තියෙහි එවැන්නක් නොමැති බවත් පැවසූ හෙතෙම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ එවැනි තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව ඉදිරියේදී මතුවනු ඇති බවත් එසේ නොවුවහොත් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම අපහසු වනු ඇති බවත් අවධාරණය කළේය.

රටක් වශයෙන් අප සිටින්නේ එතරම් හොඳ තැනක නොවන බව පිළිගත යුතු බවත් රටේ ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ දිළිඳුකම බවත් පැවසූ ඔහු රාජ්‍ය මැදිහත්වීමේ අඩුපාඩු ඇති බවත් එය තවත් කාර්යක්ෂම කළ යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ද එම අවස්ථාවට එක්ව සිටියේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස