දොන් ජුවාන්ට රට පාවා දුන් ඇමති පාඨලි නැවතත් ගල් ලෙන බිඳින්න සැරසෙයි!

May 12, 2019 at 12:46 pm | by admin

අමාත්‍ය පාඨලි චම්පික රණවක පාස්කු ප්‍රහාරයත් සමග මතුව ඇති නව දේශපාලන වාතාවරණය නිසා ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩු විරෝධි බලවේගයක් තැනීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.

තමන් විසින්ම දොන් ජුවාන් යැයි හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බලයට පත්කර ගැනීම සඳහා ද ජනාධිපතිවරයා ඔහු බලයෙන් පහ කළ විට නැවත බලයට ගෙන ඒම සඳහා ද සුවිශාල කාර්යභාරයක් ඉටු කළ ඇමති පාඨලි චම්පික රණවක පසුගිය වසර හතර පුරාම ආණ්ඩුව සිදු කළ සියලු ක්‍රියා අනුමත කරමින් ඊට සහය ලබා දුන්නේය.

බුද්ධි අංශ සිරගත කිරීම සහ වනසා දැමීම, භික්ෂූන් වහන්සේලා සිරගත කිරීම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීම, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, විල්පත්තුව ඇතුළු වනාන්තර විනාශය ආදී සියල්ලට නිහඬව සහාය ලබා දුන් ඇමතිවරයා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට පසු මේ ආණ්ඩුවට තවත් ඉදරි ගමනක් නොමැති බව දැනගෙන නැවත සිංහල ජනතාව රැවටීම සඳහා සිය පරණ සටන් පාඨ පුවරු වන හලාල්, මද්රාසා පාසල්, ෂාරියා නීතිය ආදීය රැගෙන පාරට බැසීමට සූදානම් වන බවට චෝදනා නැඟෙයි.

ආණ්ඩුවට එරෙහිව නැඟෙන ජනතාව විරෝධය කැබලිවලට කඩා නැවත රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීම සඳහා ඇමති පාඨලි චම්පික රණවක කුමන්ත්‍රණය කරන බවට සමාජජාලාවල තොරතුරු පළවෙයි. 2015 ලංකා තවුහිද් ජමාත් සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත් වූ සමුළුවක ප්‍රධාන ආරාාධිතයා ලෙස ද මොහුට ආරාධනා ලැබී තිබිණි.

මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ආණ්ඩුවට එරෙහිව මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ වටා ඒකරාශී වීම ගෝඨාභය රාජපක්ෂ ද මුස්ලිම් අන්තවාදයට යටවීමක් ලෙස හුවා දක්වන අදහස් ජාතික හෙළ උරුමයට සම්බන්ධ සමාජජාලා ක්‍රියාකාරීන් මේ දිනවල පතුරුවා හරින ආකාරය ද නිරීක්ෂණය කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස