දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 100ට කිට්ටු වෙයි..! වාර්තා අලුත් කරමින් තවත් කොවිඩ් මරණ 94ක්…!

August 5, 2021 at 7:39 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිත තවත් 94 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.

මියගිය අය අතර පිරිමි අය 49 දෙනෙක් සහ කාන්තාවෝ 45 දෙනෙක් වෙති.

මේ පිරිසෙන් 73 දෙනකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30- 59 ත් අතර වයසේ පසුවන 19 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදනකු ද ඒ අතර වෙති.

මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාව වන අතර ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස