දෛනික ආසාදිතයින් අඩු වුණේ පීසීආර් පරීක්ෂණ අඩු නිසා ම නෙමෙයි…! – හමුදාපති…

March 2, 2021 at 9:56 am | by emanisa.lk

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉකුත් දින කිහිපයේ අඩු වූයේ දෛනිකව සිදුකළ පීසීආර් පරීක්‍ෂණ අඩුවීම මත පමණක්ම නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපතිවරයා පවසන්නේ කොරෝනා මර්දනයට රජය ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග ඊට ඍජුව බලපා ඇති බවය.

ඉකුත් සතිවල දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 700-900 ත් අතර පැවතිය ද ඉකුත් 18 වනදාට පසුව මේ දක්වා එම සංඛ්‍යාව පවතින්නේ 300-530 ත් අතර ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විවිධ පාර්ශ්ව පැවසුවේ දෛනිකව සිදුකරන පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව අඩුවීම මෙම තත්ත්වයට හේතුව බවයි.

එසේත් නොමැතිව මෙම සංඛ්‍යා ලේඛණවලින් පමණක් මෙරට කොරෝනා තත්ත්වය පාලනය වී ඇතැයි පැවසිය නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *