දේශීය සීනි කර්මාන්තය බලගන්වන්න සැලසුම්…! නව වසරේ දුඹුරු සීනි ආනයනය නවතා දැමේ…!

January 1, 2021 at 8:07 pm | by emanisa.lk

නව වසරේ සිට දුඹුරු සීනි ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවත්, අවශ්‍ය සීනි ප‍්‍රමාණය රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවත් උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත සහ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 90% ක් ආනයනය කරන බවද, ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙයින් හැකි උපරිමය රට තුළ නිෂ්පාදනය කිරීමේ කටයුතු දැන් සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

‘‘වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තායතනය වෙනුවට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරනවා. මේ සඳහා උක් වගා අක්කර 21000 ක් අලුතින් වගා කරන  අතර සෙවනගල කර්මාන්ත ශාලාවේ ධාරිතාව වැඩි කිරීමට මිලියන 400ක් වැය කරනවා.

දැනට  සෙවනගල සීනි කර්මාන්ත  ශාලාවේ  ලක්ෂ 3 ක ධාරිතාවයක් තමයි උක් අඔරන්නෙ අපි ඒක ලක්ෂ 05 දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

2020 ජනවාරියේ සිට එතනෝල් ආනයනය නවත්වා දේශීයව එතනෝල් නිපදවීමෙන් රුපියල් මිලියන 1800 ක ආදායමක් සීනි සංස්ථාව ලබාගෙන තිබෙනවා.’’

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *