දේශීය ව්‍යාපාර නංවන්න තවත් ස්වර්ණමය තීන්දුවක්! රාජ්‍ය ආයතනවලට ගෘහභාණ්ඩ දේශීය ආයතනවලින් විතරයි!

July 29, 2020 at 11:08 am | by emanisa.lk

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) පැවැසීය.

දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බව මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති රාජපක්ෂ කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක ඊයේ (28) නිරත වෙමින් එසේ කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස