දේශීය නිෂ්පාදන ඒකාධිකාරය කඩා ඖෂධ මිල අඩු කරනවා..!

September 10, 2024 at 1:10 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ සැපයීමේ දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ඒකාධිකාරය නතර කරමින් ඖෂධ මිල 8%කින් අඩු කර ලබන වසර සඳහා වූ ඖෂධ මිලදී ගැනීමට නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

මෙම නව වැඩ පිළිවෙළ මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වසරකට රුපියල් බිලියන දහයකට වඩා ඉතිරි කරගත හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

“2023 වර්ෂයට සාපෙක්ෂව ඖෂධ වෙනුවෙන් වැය කරපු මුදල අඩු වෙලා තියෙනවා .ඒවගේම ඖෂධ හිඟතාවය අඩුවෙලා තියෙනවා. 2025 වර්ෂය සඳහා ඇනවුම් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. එක පිළියමක් විදිහට දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම.යම් කිසි පුද්ගලයෙක් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා නම් ඔවුන්ට අතදීමක් විදිහට ඔවුන් සමග ගිවිසුම්ගත වෙලා ඔවුන්ගෙන් ඖෂධ ලබා ගැනීමට කටයුතු කරනවා.

මෙය මීට වසර කිහිපයකට පෙර පටන්ගත්ත දෙයක්. සාමාන්‍යයෙන් පසුගිය වසරේදි ඖෂධ ලබා ගැනීමට දේශීය නිෂ්පාදකයින් දහසයක් විතර හිටියේ. මේ වන විට දේශීය ඖෂධ නිෂ්පාදකයින් විසිහත්දෙනෙක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ නිසා විදේශීය මුදල් වැයවීම අඩු වෙනවා. ඒ වගේම අඛණ්ඩ විදිහට ඖෂධ ලබා දීමට හැකි වෙනවා. ඒ වගේම ගුණාත්මක ඖෂධ ලබාදීම පිළිබඳ සොයා බැලීමට නියාමනය කිරීමට මෙමගින් පහසු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *