දේශීය ණය යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…! ඡන්දය මගහැර ගිය පිරිස මෙන්න…!

July 2, 2023 at 8:40 am | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (01) පස්වරුවේ වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් පමණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට විරුද්ධවය.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර යෝජනාව පිළිබඳ විවාදය උදේ 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණි.

රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මනෝ ගනේෂන් වන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන්ද ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *