දේශීය කිරිපිටි හිඟය පිටුපස බහුජාතික සමාගම්!!!

February 28, 2019 at 7:50 am | by admin

මෙය සටහන් කරන්නේදැයි නැතිදැයි දහස් වරක් සිතා අවසන් මොහොතේ හෘද සාක්ෂියට මුල් තැන දී සටහන් කරමි.

කොළඹ සුපිරි වෙළදසැල්වල හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි තොග අවසන් වීම පාරිභෝගිකයන් නිසා සිදුවු දෙයක් නොවේ.

එය මෙරට ප්‍රමුඛතම ප්‍රචාරණ සහ කෝපරේට් ක්‍රයිසිස් මැනේජ්මන්ට් ආයතනයක් විසින් කිරිපිටි ආනයන බහුජාතික සමාගම් වෙනුවෙන් සිදු කරනා මෙහෙයුමකි.

මෙම අර්බුධ සමයේ ෆොන්ටේරා ඇතුලු කිරිපිටි සමාගම් සියල්ල එක්වී එක සංගමයක් පිහිටුවා මෙරට ප්‍රමුඛ ප්‍රචාරණ ඒජන්සියක සේවය ලබා ගෙන තිබේ.

තරගකාරී නිෂ්පාදන වල තොග අවසන් වීම අලෙවිකරණයේ මූලිකම වාසිදායි න්‍යායකි.

භයානකම කරුණ එය නොවේ. දේශීය කිරිපිටි සන්නාම ඩිමෝට් කිරීමටද මෙම සමාගම් මිලියන 280ක කොන්ත්‍රාත්තුවක් එම සමාගම්වලින් භාර ගෙනය.

මෙම සමාගම් වල බලය ඔබ සිතනා තරමට වඩා අතිශය වැඩිය.

ඔවුන් අතිශය සූක්ෂමය. ඉතිහාසයේ ඔබ නොසිතනා බොහෝ සාමාන්‍ය ආන්දෝලනාත්මක සිදුවීම් ඔවුන් විසින් වෙළඳ සමාගම් වෙනුවෙන් නිර්මාණය කළ ඒවාය.

තොරතුරු ප්‍රභවයන්ගේ රැකියා ආරක්ෂාව මෙන්ම ජීවිත ආරක්ෂාව පවා අනතුරට පත්විය හැකි නිසා සෙසු තොරතුරු සමාජගත නොකරමි.

එම නිසා දැනුවත්ම සිටීම යහපත් ය.

ඉෂාන් ජයසූරිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස