දේශීය කර්මාන්තකරුවා වෙනුවෙන් ජනපති සුපිරි තීන්දුවක් ගනී! අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය නතර කරයි!

June 15, 2020 at 10:52 pm | by emanisa.lk

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයින් ඊට ආකර්ෂණය කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ තිබේ.

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ, පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස