දේශීය ඖෂධවලින් කිසිදු සංකූලතාවක් මරණයක් වාර්තා වෙලා නෑ…! – සිසිර ජයකොඩි…

September 1, 2021 at 10:00 am | by emanisa.lk

ජනතාවට ලබා දුන් දේශීය සහ ආයුර්වේද ඖෂධයකින් කිසිදු සංකූලතාවක් හෝ මරණයක් ඇති නොවූ බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

“මං හිතනවා සමහර තීන්දු තීරණ අපි ඉතා ම සද්භාවයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ලබාගත්ත ඒවා.

ඒවායින් කිසිසේත්ම කිසිම කෙනෙක් මේ රටේ මිය ගිහිල්ලා නෑ. සංකූලතා ඇතිවෙලා නෑ. ඉතිං දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇමතිවරයෙක් විදියට, අමාත්‍යාංශය විදියට අපට යම් යම් අත්හදාබැලීම් කරා යන්න වෙනවා.

මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක අපි ඒ දේවල් කරලා නෑ. විශේෂයෙන්ම අපේ රටේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධවලට අපි දැන් ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන්නෙ.”

අමාත්‍ය සිසිර ජයකොඩි මේ බව පැවසුවේ ඊයේ (31) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *