දේශීය ආර්ථිකය නංවන තවත් පියවරක්! පෙට් ස්කෑන් යන්ත්‍ර සඳහා ඖෂධ මෙරටම නිපදවයි!

April 29, 2020 at 4:01 pm | by emanisa.lk

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිත කරන FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේම  නිපදවීමට අවශ්‍ය තාක්ෂණය තම ආයතනය  සතුව පවතින බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජි. රෝසා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දි තිබේ.

ශ්‍රී ලංකාවේම නිපදවිය හැකි එහෙත් ඒ් සඳහා පියවර නොගෙන අප රටේ විදේශ විනිමය විශාල මුදලක් විදේශ රටවලට ඇදී යාම නැවැත්වීම සඳහා සෑම අමාත්‍යාංශයක්ම නව නිපැයුම් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

මෙම FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය දැනට ඉන්දියාවෙන් ආනයනය කරන විශාල මුදලක් වැය වන ඖෂධයකි. එහි එක් මාත්‍රාවක් රු. 65000ක් පමණ වේ.

එම ඖෂධයේ ආයු කාලය පැය දෙකක් පමණ වන අකර ආනයනයේ දී ගත වන කාලය අනුව ඖෂධයේ ආයු කාලය ක්ෂයවීම ද සිදු වේ. එමනිසා ඖෂධයේ සක්‍රියතාව හීනවන නිසා අප රටට විශාල අලාභයක් සිදුවේ.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් මෙම ඖෂධය තුළ අන්තර්ගත වන විකිරණශීලි ද්‍රව්‍ය නිපදවා ගැනීමට අවශ්‍ය වන  CYCLOTRON උපකරණය අප රටේම නිපදවීමට තීරණය කර ඇත.

ඒ් අනුව මහරගම අපේක්ෂා රෝහල ආසන්නයෙන් පර්චස් 25ක ඉඩමක් අදාල නිෂ්පාදන ඒ්කකය පිහිටුවීම සඳහා ලබා දීම අපේක්ෂා රෝහල් බලධාරින්ගෙන් කළ ඉල්ලීම පරිදි ඒ් සඳහා  මේ වනවිට එකඟත්වය පළ කර තිබේ.

මේ සඳහා අවශ්‍ය FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය නිපදවීමට අවශ්‍ය යන්ත්‍රය මිල දී ගැනීමට රු. බිලියනයක් පමණ වැය වන බැවින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එම මුදල සොයා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

මෙම ඖෂධය අප රටේ නිපදවීම මගින් දැනට සතියකට වරක් පමණක් ක්‍රියාත්මක කෙරෙන පෙට්ස්කැන් යන්ත්‍ර අඛණ්ඩවම රෝගි සත්කාර  සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙන බව මහාචාර්ය එස්. ආර්.ඩී රෝසා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස