දේශබන්දු වෙනුවෙන් මහ සඟරුවන පෙරට.. ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක්…!

September 6, 2024 at 1:28 pm | by emanisa.lk

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙසට ය.

පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන් නමක් විසින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *