දේශබන්දු අල්ලන්නේ මත්ද්‍රව්‍ය ජාලයකට වෙඩි තිබ්බා කියලා…!

March 7, 2025 at 11:06 am | by emanisa.lk

නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක තබා ඇති ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

කොකාට වාරයයි නම් තිත්තයාට දෙවාරයයි”

රජයේ හමුදා LTTEය සමග කළ යුද්ධයේදී සාමාන්‍ය දෙමළ ජනයා පලිහක් ලෙස යොදා ගැනීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රමුඛ උපායක් විය. එවන් තත්ත්වයක් තුළ ඇතැම් අවස්ථාවල රජයේ හමුදාව අතින් අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය විය.

වරෙක සෙන්චෝලේ ළමා නිවාසයට එල්ල වූ ප්‍රහාරයෙන් ළමුන් පනස් දෙකකට ජීවිත අහිමි විය.
14 August 2006: Sencholai Children’s Home bombed – 52 children and 4 adults killed

වාකරේ කූඩාරම් රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් ගැබිණි මව්වරුන් ඇතුළු 27කට ජීවිත අහිමි විය.
27 people killed and 62 injured in the artillery fire by Security Forces in the Vakarai.

ත්‍රස්තවාදින් පවත්වාගෙන ගිය ඊනියා සාම මහ ලේකම් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් සාම මහ ලේකම් තමිල් චෙල්වම් ඇතුළු 6 කට ජීවිත අහිමි විය.
November 2007, Head of LTTE Political Division, Brig. S.P. Tamilselvan was killed by the SLAF aerial bombing.

මෙවැනි සිදුවීම් මෙරට නීතිය සහ අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කළද ඒවා උසාවියට වාර්තා කොට හමුදා නායකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ නැත.

ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව මෙහෙයුමක් කරන විට වෙඩි වෙඩි වැදීමක් පාදක කොට පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම විමතිය දනවයි. ලංකාවේ ඇත්තේ සත්‍ය ලුහුබැඳ යුක්තිය පසිඳලන ක්‍රමයක් නොව විනිසුරුගේ මේසය මත හෙලන කුමක් හෝ පදනම් කොට තීන්දු දෙන ක්‍රමයකි.

එම ක්‍රමය තුළ මාලිමා රජයේ අනුග්‍රහයෙන් ශානි සහ රවීට, දේශබන්දුගෙන් පළිගත හැක.
නමුත් මේ නඩුව මෙතනින් ඉවර වන්නේ නැත. වැලිගම සිදුවීම ශානි රවී පමණක් නොව මාලිමා ආණ්ඩුවද ඉල්ලං කන අවනඩුවක් වනු ඇත.

Keerthi Ratnayake

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *