දේශපාලන හෙංචයියන්ගේ සහ මැති ඇමතිලාගේ කෝටි ගණන් පොලු නිසා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව වැටෙයි! ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් අවධානමේ!

April 2, 2019 at 8:27 am | by admin

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සියලුම මෙහෙයුම් 2019 මාර්තු 31 සිට නවතා දමා තිබේ. මෙහිදී ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව සතු සියලුම වත්කම් හා වගකීම්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ක්‍රමිකව පවරා ගනු ලැබේ.

සිය දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා සිය ඡන්ද දායකයන් වැඩි වශයෙන් ලංකාපුත්‍ර බැංකුවේ සාමාජිකත්වය ලබාදී ඔවුන්ට 25,000සේ සිට ලක්ෂය දක්වා ක්ෂණිකව ණය ලබාදෙන ලදී. එමෙන්ම පාර්ලිමේන්තු, පලාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරුද ලක්ෂ, කෝටි ගණනින් ණය ලබාගන්නා ලදී.

වත්මන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා තම ව්‍යාපාර කටයුතු සඳහා ලංකා පුත්‍ර බැංකුවෙන් විශාල ණය මුදලක් ලබාගෙන එය නොගෙවා සිටීමට එරෙහිව නඩුවක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කාරක සභාවේදී ලංකාපුත්‍ර බැංකුව සිදුකර ඇති අත්තනෝමතික ක්‍රියා හෙලි වී ඇති අතර වහාම ගතයුතු නිර්දේශ නිකුත් කර තිබුණි.

ලංකා පුත්‍ර බැංකුවේ ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය 40%ක් පමණ වන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ගෙවීමේ ප්‍රතිශතය 60%ක් පමණ වෙයි. මෙය ඒකාබද්ධ කිරීමෙන් පසු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ගෙවීමේ ප්‍රතිශතය 50% දක්වා වනු ඇත.

ලංකා පුත්‍ර බැංකුවේ අධ්‍යක්ෂ සුජීව කාරියවසම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂක ලෙස වැඩ භාරගෙන ඇත. මේ සම්බන්ධව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඇතැම් පිරිස් සිය විරෝධය පල කරන අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා අතකොලුවක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යොදා ගැනීමේ සූදානමක් මේ හරහා ක්‍රියාත්මක වන බවට ඔවුන් චෝදනා කරයි.

සුජීව කාරියවසම් මහතා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ හිතවතෙකු බවත් මේ හරහා ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් සිදුකරගැනීමට බැංකුව යොදා ගන්නා බවත් නිසි සුදුසුකම් නොමැති පිරිසක් ප්‍රාදේශීය බැංකුව සමඟ එක්වීම මත එයද කඩාවැටෙන තත්වයට පත්විය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස