දේශපාලන වාසි වෙනුවෙන් රට අරාජික කරන්න සූදානම් නෑ..! – මහින්ද…

May 9, 2022 at 12:20 pm | by emanisa.lk

දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමා සූදානම් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (09) අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“රට අරාජික කරන්න අපට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණ දීලා අභියෝග ජයගැනීමයි. අභියෝග හමුවේ පළා යෑමේ සිරිතක් අපට නෑ. අපි ඒවාට පූර්වාදර්ශ දීලා තියෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ විපක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගෙනියනවා. ඒ අයට අවශ්‍ය බලය විතරයි.

මහානායක ස්වාමීන් වහන්සේලා, කාදිනල්තුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරනවා. ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවක් ගන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් තීන්දුවක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑ ම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.

ගෙදර ගිය මා නැවත දේශපාලනයට ගෙන ආවේ ඔබයි. දැන් මම ඔබෙන් අහනවා මම මොකක් ද කරන්න ඕන කියලා. ඔබ සමග තීන්දුවක් ගන්න මම සූදානම්. පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම. ඔබ සැමට සුබ අනාගතයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *