දේශපාලන ලෝකය උඩුයටිකරු වෙයි.! අගමැති ධූරයට රනිල්ට ආරාධනා..! හරීන් සජබ අත හරී..!

May 11, 2022 at 8:57 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද (11) සන්ධ්‍යාවේ පැවැත්විණි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති මෙම හමුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනයකට අනුවය.

ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා පමණි. රටේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වේ.

⁣මේ අතර සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එජපෙ නායකයා අගමැති ධූරය භාර ගැනීම සඳහා ශ්‍රිලනිප සහයෝගය ලබා ගැනීමට සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස