දේශපාලන බලපෑම්වලට හිස නොනැමූ නිලදරුවා සමග වෘත්තීය සමිති සිටගනී! වෘත්තීය සමිති 85ක් අද රාත්‍රී සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයේ!

July 3, 2019 at 3:47 pm | by emanisa.lk

දුම්රිය වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවක් අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානයේ පවසයි.

රාජකාරිය කාලය තුළදී බීමත්ව සිටීම සම්බන්ධව වැඩ තහනම් කරන ලද දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු නැවත සේවයේ පිහිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

මෙම බලපෑම් නිසා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (02) තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස