දේශපාලන පළිගැනීම් ගෝඨා යටතේ සිදුවන්නේ නෑ! පාඨලීට අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේ නීතියට අනුවයි! – බන්දුල

December 19, 2019 at 9:32 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගෙන ඇත්තේ නීතියට අනුව මිස දේශපාලන පළිගැනීමක් සඳහා නොවන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

දේශපාලන පළිගැනීම් සඳහා නීතිය යොදාගැනීම, නීතිය නැවීම ආදිය ගෝඨාභය රාජපක්‍ෂගේ රජය යටතේ සිදුනොවන බව තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

නීතිය නැවීම, නීතියට පටහැනි ලෙස දේශපාලන පක්‍ෂ නායකයන්, මන්ත‍්‍රීවරු සිරගත කිරීම, ඇප නොදී දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කිරීම ආදිය පසුගිය රජයේ ප‍්‍රතිපත්තිය වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා විපක්‍ෂයේ සිටියදී එම ප‍්‍රතිපත්තිය පිළිකුලින් හෙළා දුටු වත්මන් රජය එසේ කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී අද (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස