දේශපාලන කුණාටු මැදින් ජනපති ආයෙත් තිරුපති යයි!

April 16, 2019 at 9:18 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලය වැඳපුදා ගැනීමට පිටත් විය.

ජනාධිපතිවරයා තිරුපති ගියේ ඔහු මේ දිනවල තවත් දේශපාලන පෙරළියකට සූදානම් බවට විවිධ පුවත් පැතිරෙන පසුබිමකය.

සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත්කර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් ජනාධිපතිවරයා නැවත තරග කිරීමේ සූදානමක් පිළිබඳ ප්‍රවෘත්තියක් නිසා ඊයේ අරලියගහ මන්දිරය පවා උණුසුම් වී තිබිණි.

පසුගිය අයවැයට පෙර ද ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද තිරුපති ගිය අතර අගමැතිවරයා එහිදී තුලාහර නම් පූජාව ද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *