දේශපාලන අරමුණු උදෙසා පාසල යොදාගත් යුගය අවසන් කරනවා..! – අනුර…මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඇතැමුන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කර නමුත් එය එසේ නොවිය යුතු බවත් දැනුම කිසිසේත් වෙළෙද භාණ්ඩයක් නොවිය යුතු බවට ඔහු අවධාරණය කළේය.
රට වැටී තිබෙන තැන පිළිබඳව නොයෙක් තැන් වලෙ විවිධ විග්‍රහ තිබුණත් එය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු වීමෙන් පමණක් යයිද ඔහු සඳහන් කළේය.
දේශපාලන අරමුණු වෙනුවෙන් දරුවා හෝ පාසල යොදා ගැනීමට අවස්ථාව ලබා නොදෙන බව ද අනුර දිසානායක ප්‍රකාශ කළේය.
මරදාන පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ ඊයේ (02) ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.