දේවානි සමග කඩොලාන රකින්න මම සූදානම්! – සජිත්

February 13, 2020 at 9:15 pm | by emanisa.lk

වගුරු බිම් ආශ්‍රිත ඓන්දීය කොටසක් වන කඩොලාන රැකගැනීම සඳහා ගම්පහ වනජීවි නිලධාරීනි දේවානි ජයතිලක දරන වෑයම අගය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පරිසරය රැකගැනීම සඳහා ගෙන දේවානි ගෙන යන වැඩපිළිවෙළ සඳහා සියලු දෙනා එක්ව සහය දෙන බවත් ඔහු ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස නිවාස ඇමති සමයෙහි රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කරමින් නූතන ලෝකයට නොගැළපෙන පෙට්ටි ගෙවල් හදමින් මහ පරිසර විනාශයක් සිදුකළ බවට චෝදනා නැඟෙයි.

ජනාධිපතිවරණ සමයේ ඔහු ප්‍රකාශ කළේ චේන්ෂෝවලින් ගස් කපන කර්මාන්තය නඟා සිටුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස