දෙහිවලදී මරාගෙන මැරුණේ ටාජ් සමුද්‍ර හෝටලය පුපුරුවන්න ආ ත්‍රස්තවාදියායි! බෝම්බය පුපුරා නොගිය නිසා ටාජ් සමුද්‍ර හෝටලය සහ ජීවිත සිය ගණනක් බේරෙයි!

April 22, 2019 at 10:11 pm | by admin

දෙහිවල ට්‍රොපිකල් ඉන් තාවකාලික ලැගුම්හලේ දී ඊයේ බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ට පැවරී ඇත්තේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීම බව අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ද රැගෙන 20 වෙනිදා රාත්‍රී ඔහු ටාජ් සමුද්‍ර හෝටලය වෙත ගොස් නවාතැන් ගෙන ඇති අතර ඉරිදා උදෑසන හෝටලයේ පිළිගැනීම් කලාපයට පැමිණ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කර ඇතත් බෝම්බය පුපුරා ගොස් නොමැත. ඔහු නැවත සිය තාවකාලික නවාතැම්පොළ වූ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.

එහි දී සේවකයන් පිරිසක් මොහු පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී බෝම්බය පුපුරුවා ගෙන ඇති අතර පිපිරීමෙන් පසු ඔහු සමග ලැඟුම්හලේ සිටි ඔහුගේ සහයකයා අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස