දෙවෙනි මනාපෙ ගැන්නා නම් ජවිපෙ දෙවෙනි මනාප ලක්ෂ 03න් සජිත් ජනාධිපති! – හරීන් නැවතත් කියයි… (video)

July 16, 2020 at 12:03 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 52%ක ප්‍රතිශතයක් ද සජිත් ප්‍රේමදාස 42%ක ප්‍රතිශතයක් ද ලබාගත් බවත් ගෝඨාභයගෙන් 5%ක ඡන්ද සජිත්ට ලැබිණි නම් දෙදෙනාම 47%ක ප්‍රතිශතයකට වැටෙන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු පවසයි.

එසේ වූයේ නම් දෙවන මනාපය ගැනීමට සිදුවන හෙයින් ජවිපෙ දෙවන මනාප ලක්ෂ 03 සමග මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස බවත් ඔහු සඳහන් කරයි.

එසේම පාස්කු ප්‍රහාරය එල්ල කළේ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ බව ද හරීන් ප්‍රනාන්දු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස