දෙවුන්දරතුඩුවේ හිටං පේදුරුතුඩුවට ම අපි අඩුපාඩුවක් නැතිව ස්ට්‍රයික් කළා….! – මුරුත්තෙට්ටුවේ හිමි…

July 1, 2021 at 11:24 pm | by emanisa.lk

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිසිදු අඩුවක් පාඩුවක් නැතිව හෙද කාර්ය මණ්ඩල ලෙඩ නිවාඩු දැමීමේ කාර්ය සිදුකළ බව රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

තම ඉල්ලීම් ඉටු නොකළහොත් එළඹෙන 07 වෙනිදා සිට දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් වෙත අවතීර්ණ වීමට තම සංගමය තීන්දු කර ඇතැයි ද එහිමියෝ අවධාරණය කළහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රශස්ති ගායනා කරමින් අපකීර්තියට පත් නොවන ලෙස සෞඛ්‍ය ඇමැතිතුමියගෙන් ඉල්ලා සිටින බව ද මුරුත්තෙට්ටුවේ හිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *