දෙවන 20/20 තරඟයෙන් ලංකාවට ලකුණු 43ක ජයක්…!

March 6, 2021 at 10:45 am | by emanisa.lk

ඊයේ (05) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන 20/20 තරඟයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කරගැනීමට සමත් වි​ය.

ධනුෂ්ක ගුණතිලක 56ක් ද පැතුම් නිශ්ශංක 37 ක් ද ලබා ගත් අතර බ්‍රා​වෝ ලකුණු 25කට කඩුලු 02ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි.

එහි දී ලෙන්ඩන් සිමන්ස් ලකුණු 21ක් ද ඔබෙඩ් මැකෝයි ලකුණු 23ක් ද ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමි විය. පළමු තරඟයේ ජය කොදෙව් කණ්ඩායමට හිමි වූ නිසා මේ වන විට තරඟාවලිය 1:1ක් ලෙස සම වී තිබේ

දෙ රට අතර තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟය අනිද්දා පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *