අනුර දිසානායක ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 13කට අධික ප්රමාණයකින් ජයග්රහණය කොට අවසන් බව විජිත හේරත් පවසයි.
මේ වන විට දෙවන මනාපය ගණනය කිරීමේ කටයුතු සිදු වුව ද එමගින් සමස්ත ප්රතිඵලයට බලපෑමක් එල්ල නොකරනු ඇතැයි හෙතෙම අවධාරණය කරයි.
මනාප ලකුණු කිරීම ඉතා ම අඩු බවත් ඡන්ද 50%ක් ලබා ගැනීමට නොහැකි වූ නිසා සම්ප්රදාය ලෙස දෙවන මනාප ගණනය කරන බවත් විජිත හේරත් සඳහන් කරයි.
එහෙයින් කිසිසේත් කලබල විය යුතු නැති බවත් ඉතා ඉක්මනින් අනුර දිසානායකගේ ජයග්රහණය තහවුරු කරමින් අවසන් ප්රතිඵල නිකුත් කරනු ඇති බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.