දෙවනගල පුදබිමට අඩි 1200 ප්‍රේරණ කලාපයේ ආරක්ෂාව අහිමි කරයි…! පුදබිම බිල්ලට දී ආක්‍රමණිකයන් රකින්න ආණ්ඩුකරුගෙන් නියෝග…!

January 18, 2021 at 10:19 pm | by emanisa.lk

ඓතිහාසික දෙවනගල රජ මහා විහාරයට අයත් දෙවනගල පර්වතය වටා ඇති විහාරස්ථානයට අයත් අඩි 1200ක ප්‍රේරණ කලාපය වෙනුවට අඩි 20ක ප්‍රේරණ කලාපයක් වහා ම වෙන්කර දෙන ලෙස සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව නියෝග කර දී තිබේ.

සති තුනක් ඇතුළත මෙම අඩි විස්සේ ප්‍රේරණ කලාපය මැන අවසන් කරන ලෙස ආණ්ඩුකාරවරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති අතර එම අඩි විස්සේ ප්‍රේරණ කලාපයට ඇතුළු වන නිවාස 20 ද ඉවත් නොකර ඒවාට අලුතින් කොටස් එකතු නොකරන ලෙස දැනුම් දෙන ලෙස පවසා ඇත.

වසර ගණනාවක් තිස්සේ දෙවනගල පුදබිමේ පුරාවස්තු විනාශ කරමින් විහාරස්ථානය සතු ඉඩම් අන්‍යාගමික කොටස් ඩැහැ ගනිමින් ඇති අතර මෙම නියෝගය සමඟ විහාරස්ථානයට අයත් ප්‍රේරණ කලාපය ද අහිමි වීමේ තර්ජනයක් මතුව ඇත.

මෙම විහාරස්ථානයට අයත් භූමිය අයිති ස්වාමීන් වහන්සේලාට නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බව ආණ්ඩුකාරවරයා පවසා ඇත. ඒ අද (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස