රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්තගේ පාර්ලිමේන්තුවේ ආසනය ද වෙනස් කර ඇත.
ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ ඔහුට පාර්ලිමේන්තුවේ වෙන්වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ 31 වැනි ආසනයයි.
කෙසේ වුව ද ඔහු මේ වන විට මන්ත්‍රීවරයකු පමණක් හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ 71 වැනි ආසනය වෙන්කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
මේ අනුව ඔහු ආසන 40කින් පිටුපසට ගොස් ඇත. ඔහු ආණ්ඩු පක්ෂයේ 71 වැනි ආසනයේ අද (18) අසුන් ගෙන සිටිනු දැකගත හැකි විය.
ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය.